වටලප්පන්

අවශ්‍ය දේ ,
- හකුරු බෑයක් 250g පමණ
- පොල් කිරි හෝ කිරි කෝප්ප 1 1/2
- බිත්තර 5 ක්
- වැනිලා ස්වල්පයක් හෝ කරදමුන්ගු / කරාබුනැටි
- එනසහල්
- කජු මද ස්වල්පයක් (තිබේ නම්)
සාදා ගන්නා ආකාරය,
බිත්තරය හොදින් බීටරයෙන් ගසා ගන්න (බීට් කරගන්න ). පොල් කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් වලට හකුරු සිහින්ව සූරා (පිහියක් වැනි යමකින් සූරා)හකුරු හොදින් දියවන තුරු මිශ්‍ර කර ගන්න. ඉන් පසු එය බිත්තර මිශ්‍රණයට දමා වැනිලා ද එක් කර එනසහල් කුඩු ස්වල්පයක්ද එක් කර කළවම් කරන්න. මෙය බීටරයෙන් ගසා ගන්නද හැකිය. ඉන් පසු මෙම මිශ්‍රණයට කජු මද එක්කර බදුනකට දමා හොදින් වසාගෙන ස්ටීම් කරන්න. ස්ටීමරයක් හෝ ඉදියප්ප තම්බන ලෙස වාෂ්පයෙන් තම්බාගැනීම කල හැක. එසේ නොමැතිනම් ඇලුමිනියම් බදුනක දමා තම්බා ගන්න. මෙය විනාඩි 40ක් - පැයක් පමණ ස්ටීම් හෝ තම්බාගෙන, නිවෙන්නට හැර කජු ස්වල්පයක් වටලප්පන් එක උඩින් දමා සරසාගෙන ශීතකරනයේ තබා පසුව ආහාරයට ගන්න. මේ ආකරයට රසම රස වටලප්පන් ගෙදරදී ඔබට සාදාගත හැක.
Watalappan
Ingredients:
- Jaggery 250g
- Coconut Milk/Fresh Milk 1 1/2 cups
- Eggs 5
- Little bit of Vanila extract/cardamom/cloves
- Nutmeg powder 1 tsp
- A few cashew nuts(if available)
How to made:
Beat the eggs one by one until it becomes pluffy. Grate the juggery(by using a grater or scrape using a knife) and add it to the fresh milk(coconut milk) and whisk well untill juggery has completely dissolved. Now add it to the pluffy egg mixture. Add some vanila extract and nutmeg powder and whisk it well. Or else you can beat it. Then add some cashew nuts to the mixture and pour into a steaming bowl. Cover it well with foil and do steam or boil for about 40 or 60 minutes. After take it off and remove the foil. Keep few minutes untill it becomes cool. Decorate it with some cashews and keep it in the refrigerator for a while. Now you can serve it.
So, you can prepare delicious watalappan like this by your own hands at your place.
![]() |
| හකුරු බෑයක් / Jaggery falls |




